මාලිමාව ජයගත් මතුගම සභාවේ බලය විපක්ෂය පිහිටුවයි

මාලිමාව ජයගත් මතුගම සභාවේ බලය විපක්ෂය පිහිටුවයි

Published on June 30, 2025, 04:47 PM

මාලිමාව ජයග්‍රහණය කල මතුගම ප්‍රාදේශීය සභාවේ බලය විපක්ෂයේ කණ්ඩායම විසින් අද ලබා ගත්තේය.

ඒ අනුව මතුගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස ස්වාධීන කණ්ඩායමේ කසුන් මුණසිංහ මහතාත්  උප සභාපති ධුරය සමගි ජනබල වේගයේ අනගිපුර සමන්ත රෝහණ මහතාත් තේරී පත්විය.

බස්නාහිර පළාත් පලාත්පාලන කොමසාරිස් සාරoගිකා කල්හාරි ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් මතුගම ප්‍රාදේශීය සභාවේ ආරම්භක රැස්වීම ඊයේමතුගමප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේදී පැවැත්විනි.  එහිදී සභාපති ධුරය සඳහා ජාතික ජනබලවේගයේ ලලිත් ඉන්දික සිරිවර්ධන  මහතා සහ ස්වාධීන කණ්ඩායමේ කසුන් නිරෝෂණ මුණසිංහ මහතා යන දෙදෙනාගේ නම් යෝජනා වීම නිසා සභාවේ මතය විමසීමේදී සභිකයන් 18 දෙනෙකු විවෘත ඡන්දයක් පවත්වන ලෙසත් සභිකයන් 15 දෙනෙකු රහස් ඡන්දයක් පවත්වන ලෙසත් මතය ප්‍රකාශ වීමෙන් අනතුරුව විවෘත ඡන්දයක් මගින් සභාපතිවරයා තේරීම සිදුකළහ.

එම ඡන්ද විමසීමෙන් ස්වාධීන කණ්ඩායමේ කසුන් මුණසිංහ මහතාට ඡන්ද 19 ක් ද ජාතික ජනබලවේගයේ ලලිත් ඉන්දික සිරිවර්ධන මහතාට ඡන්ද 13 ක් ද ලෙස ප්‍රකාශ වූඅතර ජන අරගල සංධානයේ තොටගමගේ නිහාල් මහතා ඡන්දය දීමෙන් වැලකී සිටියහ. ඒ අනුව ස්වාධීන කණ්ඩායමේ කසුන් මුණසිංහ මහතා මතුගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස තේරී පත්විය.

මතුගම  ප්‍රාදේශීය සභාවේ උප සභාපති ධුරයට සමගි ජනබල වේගයේ අනගිපුර සමන්ත රෝහණ මහතා සහ ජාතික ජනබලවේගයේ විතානගේ දොන් නිශාන්ත මහතාව යෝජනා විය.

ඒ සඳහා පැවති ඡන්ද විමසීමේදී සමගි ජනබල වේගයේ අනගිපුර සමන්ත රෝහණ මහතා ඡන්ද 18 ක්ද , ජාතික ජනබලවේගයේ විතානගේ දොන් නිශාන්ත මහතා ඡන්ද 13 ක් ද ලබාගත් අතර එක්සත් ජාතික පක්ෂයේ දුමිඳු චතුර සම්පත් සහ ජන අරගල සංධානයේ තොටගමගේ නිහාල් මහතා ඡන්දය දීනෙම් වැලකී සිටියහ. ඒ අනුව මතුගම ප්‍රාදේශීය සභාවේ නව උපසභාපතිවරයා ලෙස සමගි ජනබල වේගයේ අනගිපුර සමන්ත රෝහණ මහතාමහතා පත්විය.

මෙම අවස්ථාවට ජාතික ජනබලවේගයේ සහ සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක්ද සහභාගී වි සිටි අතර සභාපරිශ්‍රයෙන් පිටත විශාල පිරිසක් රැස්වී සිටියහ.

සමගි ජනබලවේගය ඇතුළු විපක්ෂ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා සමග පා ගමනින් සභා රැස්වීමට සහභාගී විය.

මතුගම බන්දු තඹවිට

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post