රතු ලෙස සටහන් කළ බහාලුම් 37ක් ස්කෑන් කිරීමකින් තොරව නිදහස් කරලා

රතු ලෙස සටහන් කළ බහාලුම් 37ක් ස්කෑන් කිරීමකින් තොරව නිදහස් කරලා

Published on June 30, 2025, 05:25 PM

රේගුව තුළින් පරික්ෂා කිරීමෙකින් තොරව රතු ලේබල් සහිත බහාලුම් නිදහස් කිරීමේදී විශාල දූෂණයක් සිදුව තිබෙන බවට ජනාධිපතිවරයා පත් කළ කමිටුවේ වාර්තාවෙන් හෙළිවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.

මෙහිදී නිදහස් කර ඇත්තේ බහාලුම් 309ක් බවට සඳහන්ව ඇති බවත්, එමෙන්ම මෙම නිදහස් කිරීම සිදු කළ ජනවරි 18 වැනිදාට පෙර එනම් ජනවාරි 17 වැනිදා මෙම ලැයිස්තුවේ තිබූ බහාලුම් 2ක් නිසහස් කර ඇති බවට වාර්තාවේ සඳහන් බවත් අද (30දා) පාර්ලිමේන්තුවේ පැවති සභාව කල් තැබීමේ විවාදයේදී අදහස් පල කරමින් හෙතෙම සඳහන් කළේය.

"කමිටුවට බලය තිබුණේ රතු කන්ටේනර් නිදහස් කරන්න විතරයි. කහ කන්ටේනර් නිදහස් කරන්න බලය දීලා තිබුණේ නෑ. නමුත් මොකක්ද කමිටුව කරලා තිබෙන්නේ? කමිටුව කහ කන්ටේනර්ස් 158ක් නිදහස් කරලා තිබෙනවා. ඒ අනුව ඔවුන්ට අයිති නැති දෙයකුත් කරලා තිබෙනවා.

අවධානම් කළමනාකරණ පද්දතිය මගින් රතු ලෙස වර්ගීකරණය කරන ලද බහාලුම් නිදහස් කිරීමට ප්‍රථම ස්කෑන් පරික්ෂාවක් සිදු කළ යුතු වුවත් රතු ලෙස වර්ගීකරණය කරණ ලද බහාලුම් 151 අතරින් බහාලුම් 37ක් ස්කෑන් කරලා නෑ. මේ කන්ටේන්ර්ස් නිදහස් කරන්න ඕනී කියලා ජනවාරි 18 තීරණය කරන්නේ. ඒත් 2025 ජනවාරි 17 වැනිදා ඒ ලැයිස්තුවේ තිබුණු කන්ටේනර් 2ක් භෞතික පරික්ෂාවකින් තොවර එළියට ගිහින්.

මේ වාර්තාව මගින් පැහැදිලිවම කරුණු ගණනාවක් පෙන්වලා තියෙනවා. විශාල දූෂණයක් සිදුවෙලා තිබෙනවා රේගුව තුළ මේ කන්ටේන්ර්ස් 309 නිදහස් කිරීම හරහා. මේක ඇයි වහන්න උත්සහ කළේ? ඇයි ඇමතිවරු ඇවිල්ලා වොයිස් කට් දුන්නේ මේක හරියට වෙලා තියෙනවා කියලා? මේකේ හොරකමක් සිදුවෙලා නෑ කිව්වා. අපිට සැකයක් තියෙනවා ඡන්දයේදී තමුන්නාන්සේලාට උදව් කරපු ව්‍යාපාරිකයන්ගේ බහාලුම් ද මේ එළියට දැම්මේ කියලා. *

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post