සිවිල් ආරක්ෂක බලකා ජ්‍යෙෂ්‍‍ඨ නියාමක පැල් රකිද්දී වන අලි පහරකින් මරුට

සිවිල් ආරක්ෂක බලකා ජ්‍යෙෂ්‍‍ඨ නියාමක පැල් රකිද්දී වන අලි පහරකින් මරුට

Published on June 30, 2025, 02:39 PM

තම වට්ටක්කා වගාව වන අලින්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා පැල් රැකීමට ගිය සිවිල් ආරක්ෂක බලකායේ ජ්‍යෙෂ්ඨ නියාමකවරයෙකුගේ මළ සිරුරක් කුඹුරක් අසල තිබියදී  ඊයේ (29දා) සොයා ගත් බව මහවිලච්චිය පොලිසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, මහවිලච්චිය  පොලිස් වසමේ 365 මන්නාරම් හන්දිය ග්‍රාම නිලධාරී වසමේ, අංක 321, යාය 5, මන්නාරම් හන්දිය, පේමඩුව ලිපිනයේ පදිංචිව සිටි, විල්පත්තු බලකා කඳවුරට අනුයුක්තව රාජකාරී කළ ඩී.එම්. අනුර කුමාර දිසානායක නැමැති, 47 හැවිරිදි  සිවිල් ආරක්ෂක නියාමකවරයෙකි.

පෙර දින  පැල් රැකීමට ගිය තම ස්වාමිපුරුෂයා පෙරේදා (29දා) උදෑසන වන විටත් නිවසට නොපැමිණීම හේතුවෙන් නිවස අසල පදිංචි තම ඥාතියකුට දැනුම් දුන් බවත් පසුව සිදු කල  සොයා බැලීමේදී තම කුඹුරු ඉඩමේ වගාව තුළ මුනින් අතට වැටී සිටියදී, සිය සැමියාගේ මළ සිරුර සොයා ගත් බව, මරණකරුගේ  බිරිඳ සිදු කල ප්‍රකාශ වල සටහන්ව ඇතැයි  පොලිසිය සදහන් කලේය.

මරණකරු ඊයේ (29දා) උදෑසන පැලෙන් බිමට බැස, කුඹුරු ඉඩමේ ඇති වට්ටක්කා වගාවේ , පරාගණයට අදාළ කටයුතු සිදු කරන බව ඒ අසලින් ගමන් කල කාන්තාවක් දැක ඇති බවද පොලිසිය සඳහන් කලේය.

මරණකරුගේ ශරීරයේ බාහිරින් තුවාල කිසිවක් නිරීක්ෂණය නොවන අතර, දේහය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබුණි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post