කතරගම වන්දනාවේ ගිහින් ආපු බස් රථයක් අනතුරක

කතරගම වන්දනාවේ ගිහින් ආපු බස් රථයක් අනතුරක

Published on June 30, 2025, 01:10 PM

කතරගම වන්දනාවේ ගොස් එම වන්දනා නඩය ආරයම්පතිහි බස්සවා ආපසු පැමිණි බස් රථයක් කිරාන්කුලම් හිදී අනතුරකට ලක්ව තිබේ.

අද (30) උදෑසන මඩකලපුවේ කාත්තන්කුඩි පොලිස් වසමට අයත් කිරාන්කුලම් ප්‍රදේශයේදී බස් රථය මාර්ගයෙන් ඉවතට පැන  ගසක ගැටී අනතුරට ලක්ව ඇත.

බස් රථය කල්මුනේ ප්‍රධාන මාර්ගයේ තේත්තාතීවු දෙසට යමින් සිටියදී කිරාන්කුලම් හි සරස්වතී විද්‍යාලය අසලදී මාර්ගයෙන් ඉවතට පැන පාර අයිනේ ගසක ගැටීමෙන් අනතුර සිදුව තිබේ.

අනතුර සිදුවන විට බස් රථයේ රියදුරු සහ සහායකයින් දෙදෙනෙකු බස් රථයේ සිටි අතර, ඔවුන්ගෙ තුවාල ලබා රෝහල් ගත කර ඇත.  අනතුරින් බස් රථයට දැඩි හානි සිදු වූ අතර ගසක් ද මාර්ගයට කඩා වැටුණි. කාත්තාන්කුඩි රථවාහන පොලිසිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

මඩකලපුව ජවුෆර් ඛාන්

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post