කාලගුණ විද්‍යා හා ආපදා කළමනාකරණය පාර්ලමේන්තු කාරක සභාවට

කාලගුණ විද්‍යා හා ආපදා කළමනාකරණය පාර්ලමේන්තු කාරක සභාවට

Published on April 29, 2026, 12:27 PM

දිට්වා සුළි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් කැඳවා තිබිණි.

එම කාරක සභාව එහි සභාපති අමාත්‍ය (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු විමසීම සිදු කෙරිණි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ යන මහත්වරු ඇතුළු එම ආයතනවල ජේෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.

ස්වාභාවික ආපදා අවස්ථාවකදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මූලිකව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව මෙහිදී කාරක සභාව විසින් කරුණු විමසන ලදී.

එසේම පවතින යාන්ත්‍රණයේ අඩුලුහුඩුකම් සහ අදාළ තාක්ෂණික උපාංගවල අඩුපාඩු පිළිබඳව ද මෙහිදී නිලධාරීහු කරුණු පැහැදිළි කළහ.

එසේම  වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යන ආයතනවල නිලධාරීන් ද ඉදිරියේදී කාරක සභාව හමුවට කැඳවා එම ආයතන ද මූලිකව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව විමසීමටත්, අනතුරුව මෙම ආයතන වෙන් වෙන් වශයෙන් කැඳවා දිට්වා සුළි කුණාටුවට සම්බන්ධ සිද්ධීන් පිළිබඳව විමරශනය කිරීමටත් මෙහිදී තීරණය විය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post