මගියා බේරන්න ගිය මෝටර් රථය පොල් ගහේ

මගියා බේරන්න ගිය මෝටර් රථය පොල් ගහේ

Published on January 01, 2026, 12:29 PM

ගාලු පාරේ අම්බලන්ගොඩ ගොඩගමදී මෝටර් රථයක් අද (1දා) උදෑසන පාරෙන් ඉවතට පැන පාර අයිනේ තිබූ පොල් ගසකට වැදී එහි රියදුරු තුවාල ලබා රෝහල් ගත කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

පාරෙන් ඉවතට පැන ගිය පාර අයිනේ තිබූ පොල් ගසේ උඩට ගොස් ආපසු පොල් ගස පාමුලට ඇදී ගොස් ඇති බවද පොලීසිය කියයි.අම්බලන්ගොඩ සිට හික්කඩුව දෙසට ගමන් ගත් මෝටර් රථයක් මේ අනතුරට ලක්වී ඇති බවත් පාර හරහා පැන්න මගියකු බේරා ගැනීමට මේ මෝටර් රථයේ රියදුරා උත්සහා දැරීමේදී එය පාරෙන් ඉවතට පැන මේ අනතුර සිදුව ඇති බවද පොලීසිය කියයි.

මේ මෝටර් රථයේ පැමිණ ඇත්තේ රියදුරා පමණක් බවද පොලීසිය කියයි. අම්බලන්ගොඩ පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post