කෑගල්ල ම. න. ස. අයවැය සම්මතයි

කෑගල්ල ම. න. ස. අයවැය සම්මතයි

Published on December 12, 2025, 04:41 PM

කෑගල්ල මහ නගර සභාවේ 2026 වර්ෂය සදහා වු අය වැය කොටුම්පත අද (12)  පැවැති විශේෂ මහා සභාවේ දී  ඒක මතිකව සම්මත විය. ලබන වර්ෂය සදහා වූ අය වැය කෙටුම්පත  නගරාධිපති නිමල් කරුණාරත්න මහතා විසින් ගෙන ආ අතර උපනගරාධිපති සනත් පතිරණ මහතා විසින් එය ස්ථීර කළේය.

කෑගල්ල මහ නගර සභාවේ මුළු සභි  සංඛ්‍යාව 21 ක් වන අතර ජාතික ජන බලවේගයට නගරාධිපති උප නගරාධිපති තනතුරු සමග මන්ත්‍රීධූර 12 ක් ද,සමගි ජන බලවේගයට මන්ත්‍රීධූර 3 ක් ද,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රීධූර 3 ක් ද,එක්සත් ජාතික පක්ෂයට,ජන අරගල සංධානයට මන්ත්‍රීධූර 1 බැගින් ද ස්වාධීන මන්ත්‍රීවරුයෙකුද වෙති.

අද දින සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු තිදෙනා විශේෂ මහා සභාවට පැමිණ නොසිටීයේය.ඒ අනුව පැමිණ සිට අනෙකුඅ සියලු මන්ත්‍රීවරු අය වැය කොටුම්පත අනුමත කළහ.ලබන වර්ෂය සඳහා අපේක්ෂිත ආදායම් රුපියල් 246 849 184 කි.අපේක්ෂිත වියදම රුපියල් 246 846 862 කි.

වසන්ත රෝහණ

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post