පියා ඝාතනය කළ  පුතා අල්ලයි

පියා ඝාතනය කළ  පුතා අල්ලයි

Published on December 18, 2025, 08:31 AM

වැලිගෙපොල පොලිස් වසමේ හඳගිරිගොඩ ප්‍රදේශයේ නිවසක කාමරයක් තුල පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවට වැලිගෙපොල පොලිස් ස්ථානය වෙත 2025.12.17 වන දින අළුයම් කාලයේ ලද 119 පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.  මරණකරු වයස අවුරුදු 70 ක් වූ හඳගිරිය, බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිදුකළ විමර්ශනයේදී මරණකරු ඔහුගේ නිවසේ ඇඳ මත මියගොස් සිට ඇති අතර එම නිවසේ ලියකියවිලි ඇද දමා ඇති බවට නිරීක්ෂණය වී ඇත. මරණකරුගේ සහෝදරියගේ නිවසටද පුද්ගලයෙකු පැමිණ ඇයගේ ගෙල මිරිකා නිවසේ තිබූ ලියකියවිලි ඇද දමා ගිය බවත්, ඇයගේ නිවසට පැමිණි පුද්ගලයා මරණකරුගේ පුත්‍රයෙකු බවට හඳුනාගත් බවත් එම කාන්තාව විසින් වැලිගෙපොල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව 2025.12.17 වන දින රාත්‍රී කාලයේ හඳගිරිය ප්‍රදේශයේදී මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් සැකපිට වැලිගෙපොල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මරණකරුගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු වයස අවුරුදු 40 ක් වන හඳගිරිය, බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය බලංගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර වැලිගෙපොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post