සැළසුම් කළ ප්‍රමාණය ඉක්මවා පුනර්ජනනීය විදුලිබලය උත්පාදනය කෙරේ

සැළසුම් කළ ප්‍රමාණය ඉක්මවා පුනර්ජනනීය විදුලිබලය උත්පාදනය කෙරේ

Published on December 19, 2025, 09:15 PM

2026 ජූනි මස වන විට සම්ප්‍රදායික නොවන පුනර්ජනනීය (සූර්ය හා සුළං) මෙගාවොට් 2695ක ප්‍රමාණයක් ස්ථාපිත කළ බවත් එය 2025-2044 දිගුකාලීන විදුලි ජනන සැලැස්මට අනුව ඉලක්ක කර තිබුණු මෙගාවොට් 1848ට වඩා සැළකිය යුතු ප්‍රමාණයකින් වැඩි බවත් ඒ අනුව මෙම වසරට අදාළ අපේක්ෂිත ඉලක්ක අභිබවා පුනර්නනීය විදුලිබලය නිෂ්පාදනය කර ඇති බවත් බලශක්ති අමාත්‍යවරයා අද (19) පාර්ලිමේන්තුවේදී හෙළි කලේය.

එමෙන්ම ඉදිරි 2026 හා 2027 වසර සදහා භූමිය මත ඉදිකෙරුණු සූර්ය පැනල හරහා නිෂ්පාදනය කිරීමට ඉලක්ක කර තිබූ ප්‍රමාණයට වඩා පිළිවෙලින් මෙගාවොට් 200ක් හා 250ක් වැඩියෙන් නිෂ්පාදනය කිරීමට දැනටමත් ගිවිසුම් ගත වී ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

තවද සූර්යබල ගබඩාකරණ පද්ධති ආනයනය කිරීමේදී පනවා තිබූ සියයට 46ක ආනයන බද්ධ ඔක්තෝබර් 15 දින සිට ආහෝසි කළ බවද ඒ අනුව දැනට ගිවිසුම් ගත මෙගාවොට් 01කට වඩා වැඩි බැටරි ගබඩාකරණ පහසුකම් සදහා බැටරි ගෙන්වීමේදී පෙර තිබූ ආනයන බද්ධ නොපැනවෙන බවද අමාත්‍යවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා යොමු කර තිබූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ඉහත තොරතුරු හෙලි කලේය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post