කසකස්තානයේ සිට සංචාරකයන් රැගත් ශීත සෘතු පළමු ගුවන් යානය ඒයි

කසකස්තානයේ සිට සංචාරකයන් රැගත් ශීත සෘතු පළමු ගුවන් යානය ඒයි

Published on December 26, 2025, 01:12 PM

යුරෝපයට උදා වී ඇති ශීත ඍතුව වෙනුවෙන් කසකස්තානයේ සිට එරට සංචාරකයන් රැගත් එයාර් අස්තානා ( Air Astana ) පළමු මංගල ගුවන් යානය ( Inogaral Flight ) 12/25 දින සවස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

කසකස්තානයේ අල්මාආටා නුවර ජාත්‍යාන්තර ගුවන් තොටුපොළේ සිට කේ.සී.- 167 දරන එයාර් අස්තානා ගුවන් යානය 12/25 දින සවස 04.10 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

මෙම ගුවන් යානය තුළ ගුවන් මගීන් 182 ක් සහ කාර්යය මණ්ඩලය 08 දෙනෙකු පැමිණ සිටියහ .

මෙම ගුවන් යානා සදුදා සහ බ්‍රහස්පතින්දා වශයෙන් සෑම සතියකම දින 02 ක් , එළඹෙන 2026 වසරේ මාර්තු මස 31 දින තෙක් කසකස්තානයේ අල්මාආටා සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතය .

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post