නුවරඑලිය ගම්පොළ පාර සැහැල්ලු වාහන ධාවනය සදහා විවෘතයි

නුවරඑලිය ගම්පොළ පාර සැහැල්ලු වාහන ධාවනය සදහා විවෘතයි

Published on December 10, 2025, 04:09 PM

“දිට්වා” සුලි කුණාටුවෙන් නායයෑමට ලක් වූ නුවරඑලිය ගම්පොළ ප්‍රධාන මාර්ගය දින ගණනාවකට පසු (10) දින සැහැල්ලු වාහන පමණක් ධාවනයට විවෘත කෙරිණ. එම මාර්ගයේ කටු කිතුල, තවලන්තැන්න, රම්බොඩ ඇල්ල ඇතුලු ස්ථාන කිහිපයකින් ප්‍රධාන මාර්ගයේ විශාල වශයෙන් නාය ගොස් තිබුණි.

යුධ හමුදාවේ ඉංජිනේරු බලකාය, මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව එම මාර්ගය සම්පුර්ණයෙන් ප්‍රතිසංස්කරණය කර එක් මන්තීරුවන් පමණක් සැහැල්ලු වාහන ධාවනයට විවෘත කර ඇති අතර, ජාතික ගොඩනැගිලි පර්යේෂනායතනය මාර්ගය පරික්ෂා කිරිමෙන් අනතුරුව බර වාහන ධාවනය සදහා මාර්ගය විවෘත කරන බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ නිළධාරින් කියා සිටියේ.

එම මාර්ගයේ රථ වාහන ධාවනය කිරිමෙදි සැලකිලිමත් ලෙස සෙමෙන් රිය ධාවනය කරවන ලෙසත්, මාර්ගය නාය ගිය ස්ථානවල නතර නොකරන ලෙසත් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post