ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානයකින් ඉන්දීය විදෙස් ඇමති ලංකාවට එයි

ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානයකින් ඉන්දීය විදෙස් ඇමති ලංකාවට එයි

Published on December 22, 2025, 07:21 PM

ඉන්දීය විදේශ කටයුතු පිළිබද අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් මහතා දෙදින නිල සංචාරයක් සදහා 12/22 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

ඔහු ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ඉන්දීය ගුවන් හමුදාවට අයත්  අයි.එෆ්.සී.- 031 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔහු පිළිගැනීම සදහා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ , ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා 12/23 දින සිය ශ්‍රී ලංකා සංචාරය නිමා කර ආපසු පිටත්ව යාමට නියමිතය

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post