අධ්‍යාපනයට බාධාවක් නොවන පරිදි බදුල්ලේ පාසල් ගොඩනඟනවා

අධ්‍යාපනයට බාධාවක් නොවන පරිදි  බදුල්ලේ පාසල් ගොඩනඟනවා

Published on December 25, 2025, 04:19 PM

දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත්වූ බදුල්ල දිස්ත්‍රික්කයේ සියලු පාසල් සහ පෙර පාසල් දරුවන්ගේ අධ්‍යාපනයට කිසිදු බාධාවක් නොවන පරිදි  ගොඩනැගීමට කටයුතු කරන බැව් හරිනිණි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.ඇය එසේ පැවසුවේ හානියට පත් බදුල්ලේ පාසල් සහ පෙර පාසල් නිරීක්ෂණය කිරීම සඳහා පාසල් කිහිපයකට පැමිණි අවස්ථාවේදීය.

මෙහිදී වැලිමඩ මුස්ලිම් විද්‍යාලය,පස්සර යූරි දෙමළ විද්‍යාලය සහ මීගහකිවුල ජාතික පාසලට සහ කැටවත්ත පෙර පාසල නිරීක්ෂණය කළ අතර පාසල් වලට සිදුවී ඇති හානි නිරීක්ෂණය කර අනතුරුව අනතුරුව අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමේ සැලසුම් පිළිබඳව නිලධාරීන් සමඟ  අදහස් හුවමාරු කරගනු ලැබීය.

අනතුරුව පාසල් වල ගුරුභවතුන්,දරු දැරියන්,දෙමව්පියන් සහ විවිධ ප්‍රදේශවලින් පැමිණි සේච්ඡා සාමාජිකයින් සහ ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින් හමුවී සුහද පිළිසඳරක නිරත විය. අනතුරුව අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් මෙසේ පැවසුවාය.

"ඌව පළාත නැවත ගොඩනගන්න විතරක් නෙවෙයි තිබ්බ තැනට වඩා හොඳ තැනකට ගේන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ.සම්පූර්ණයෙන් විනාශ වූ ගොඩගන්න බැරි පාසල් හතක් තිබෙනවා.ඒ ගැන අපි එන්.බී.ආර්.ඕ (NBRO) එකේ වාර්තා ලබාගෙන ඒවා වෙන තැන්වලට ගෙනියන්න ඕන නම් අපි ඒක කරනවා.අලුතෙන් එම පාසල් හදන්න අපි මැදිහත් වෙනවා.

ඒ සඳහා අපි මේ වෙනකොටත් අධ්‍යාපන අමාත්‍යංශය සහ යුනිසෙෆ් ආයතනයත් එක්ක එකතුවෙලා ඒ පිළිබඳව කටයුතු කරනවා.අලුතෙන් හදන්න ඕන පාසල් මොනවද.යම් මැදිහත්වීමක් කරලා පවත්වාගෙන යන්න පුළුවන් පාසල් මොනවාද කියාලා අපි ඒවා වර්ගීකරණය කරලා අවශ්‍ය විදිහට තිබ්බටත් වඩා හොඳට ඌව පළාතේ දරුවන්ට අධ්‍යාපනයට කිසිදු බාධාවක් නොවන විදිහට ගෙනියන්න පුළුවන් පාසල් විදියට පත් කරනවා.

පාසල් තුළ පවතින අවතැන් කඳවුර පිළිබඳව සාකච්ඡා කරනවා.පාසල් ජනවාරි පහ විවෘත කරන්න ඕන.අලුතෙන් පළමු වෙනි සහ හයවන වසරට විෂය මාලාව හඳුන්වා දෙන  නිසා අපි පස් වෙනිදා වන පාසල් යථා තත්වයට පත් කරන්න ඕන.අපි යෝජනා ගණනාවක් ගෙනල්ලා තියෙනවා.ජනාධිපතිතුමා සහන පැකේජ් එකක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා.අපි මුදල් අවශ්‍ය නම් දෙනවා.

පාසල වල සිටින අවතැන් අයට රෙන්ට් එකට කොහෙට හරි යන්න හෝ අලුත් ගෙවල් හදන්න වැඩපිළිවෙළක් යොදාගෙන තියෙනවා.යම් කාලයක් පාසල් කිහිපයක් එකතු කරලා අපිට ළමයි ගෙන්වන්න වෙයි. තාවකාලික තැන් හදන්න වෙයි.ඒවා අපි සැලසුම් කරනවා.පූර්ණ වශයෙන් නිවාස 620 කට ආසන්න ප්‍රමාණයක් හානි වෙලා තියෙනවා. ඉඩම් හොයාගෙන ආරක්ෂිත තැන් විදිහට අනුමැතිය ලබාගෙන ගෙවල් හදන්න 2026 මුදල් වෙන් කරලා තියෙනවා.”Rebuilding Fund” එකට මුදල් එකතු කරන්නේ මේ සඳහා.2026 ප්‍රතිපාදන ලබාගෙන සියලු වැඩ සිදුකරනවා."

මොනරාගල සුමනසිරි ගුණතිලක

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post