නාවලපිටිය මහනුවර මාර්ගය හෙට විවෘත කිරීමට අවධානය

නාවලපිටිය මහනුවර මාර්ගය හෙට විවෘත කිරීමට අවධානය

Published on December 13, 2025, 02:36 PM

දිට්වා සුලි කුණාටුවෙන් නායයෑමට ලක් වූ නාවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගයේ ගඩොල්බෝක්කුව ප්‍රදේශයේ මාර්ගය යථා තත්වයට පත් කිරිමේ කටයුතු අවසන් අදියරේ පවතින බව මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ නිළධාරියෙකු පැවසීය.

ශ්‍රී ලංකා යුධ හමුදා ඉංජිනේරු බලකාය මගින් නායගිය මාර්ගය වෙනුවට අලුතින් මාර්ගයක් කපා එම මාර්ගය කොන්ක්‍රීට් ගල් අතුරා ප්‍රතිසංස්කරණය කිරිමට මාර්ග සංවර්ධාන අධිකාරිය වෙත භාර දී ඇත.

එම මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සොයා බැලීමට පසුගිය දා අමාත්‍ය බිමල් රත්නායක මහතාද සංචාරයක නියැලී එම මාර්ගය කඩිනමින් රථ වාහන ගමනා ගමනයට විවෘත කරල ලෙසට මාර්ග සංවර්ධන අධිකාරියේ නිළධාරින්ගෙන් කල ඉල්ලීමක් අනුව එම මාර්ගයේ යථා තත්වයට පත් කිරිමේ කටයුතු කඩිනම් කර ඇත.

නාවලපිටිය ප්‍රදේශයට පවතින යහපත් කාලගුණ තත්වයත් සමග එම මාර්ගය (14) දින සැහැල්ලු වාහන සදහා පමණක් රථවාහන ගමනා ගමනයට විවෘත කිරිමට අපේක්ෂා කරන බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ නිළධාරියෙකු කියා සිටියේ.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post