ආපදා නිසා උසස් පෙළ උත්තර පත්‍ර වලට කිසිදු හානියක් නෑ

ආපදා නිසා උසස් පෙළ උත්තර පත්‍ර වලට  කිසිදු හානියක් නෑ

Published on December 11, 2025, 01:50 PM

ආපදා තත්ත්වය නිසා උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර කිසිවකට හානී සිදුවී නොමැති බව  විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පැවසීය.

එමෙන්ම උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් 2026 ජනවාරි 12 සිට 20 දක්වා පවත්වන බව ද ඇය සඳහන් කළේය.

මේ අතර අ.පො.ස උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇත්නම් විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික දුරකථන අංක 1911ට හෝ 0112 78 45 37,  0112 78 66 16 සහ 0112 78 42 08 යන දුරකථන අංක අමතා ඒ පිළිබඳ දැනුම්දිය හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මීට අමතරව 0112 78 44 22 යන ෆැක්ස් අංකය මගින් මෙන්ම විභාග දෙපාර්තමේන්තුවේ http://[email protected]යන විද්‍යුත් තැපැල් අංකය ඔස්සේ ද ඒ පිළිබඳ දැනුම්දිය හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post