පාසල් නිවාඩුවේ වෙනසක්

පාසල් නිවාඩුවේ වෙනසක්

Published on December 23, 2025, 03:38 PM

රජයේ අනුමත සිංහල හා දෙමළ පාසල් සඳහා අද (23) සිට 2026 වසරේ ජනවාරි මස 4 වන දින දක්වා පාසල් නිවාඩු ලබාදී තිබේ.  අධ්‍යාපන අමාත්‍යාංශ පවසන්නේ 2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර සඳහා සියලු ම පාසල් 2026 ජනවාරි 05 වන සඳුදා දින ආරම්භ කිරීමට නියමිත බවය.

මීට පෙර අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ ලබන 29/30 හා 31 දා යන දිනවල පාසල් පවත්වන බවයි. කෙසේ වෙතත් නව නිවේදනය අනුව එම තෙදින පාසල් නිවාඩු දින වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

මුස්ලිම් පාසල් 2025 දෙසැම්බර් 26 වන සිකුරාදා දින අවසන් කිරීමට නියමිත අතර මුස්ලිම් පාසල් සඳහා 2025.12.27 දින සිට 2026.01.04 දින දක්වා ද පාසල් නිවාඩු ලබා දී තිබේ.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post