මාලදොල පවුල් හයක් ඉවත් කරයි

මාලදොල පවුල් හයක් ඉවත් කරයි

Published on December 20, 2025, 05:41 PM

හල්දුම්මුල්ල  මාලදොළ පින්නලන්ද ප්‍රදේශයේ අද 20 අලුයම විශාල ගල් පර්වත කිහිපයක් නාය යාම සමඟ  එම ආසන්නයේ අවදානම් ලෙස පදිංචිව සිටින පවුල් හයක පුද්ගලයින් එකොළොස්  දෙනෙකු  ආරක්ෂිත පියවරක් ලෙස වහාම ඉවත්කළ බව හල්දුම්මුල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක  අසේල ඉඳුනිල් රත්නායක මහතා පැවසීය.

මෙම ස්ථානයේ කළ විමර්ශනයකදී විශාල ගල් පර්වත  කඳු මුදුනෙන් ගැලවී  පෙරළී විත්  කොටස් වලට වෙන් වී අතරමග රැඳී ඇති බවද වැසි තත්වය වර්ධනය වූව හොත්  එම ගල් පෙරළී හානියක් සිදුවිය හැකි බවට නිරීක්ෂණය කළ හැකි බැවින්  මේ පිළිබඳව ජාතික  ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ වාර්තාවක් ලබාගැනීමට අවශ්‍ය බැවින් ඒ පිළිබඳව අදාළ අංශ දැනුම්වත් කළ බවද හල්දුම්මුල්ල  පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල ඉඳුනිල් රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර බදුල්ල ගලඋඩ  කන්දකැටිය  මාර්ගයේ කිලෝමීටර් දහනමය විස්ස කණු අතර ප්‍රදේශයේ  මාර්ගය  විශාල ලෙස ඉරි තැලීම් සිදුවී නාය යාමේ මූලික  ලක්‍ෂණ මතුවී ඇති බැවින් ඒ පිළිබඳවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ විමර්ශන වාර්තා ලබා ගැනීමට නියමිත බවත්  මාර්ගයේ ගමනාගමනයට සුදුසු ද නැද්ද යන්න සොයා බැලීමට කටයුතු  කරන බවත් බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

මේ පිළිබඳව  මාර්ග සංවර්ධන අධිකාරියේ නිරීක්ෂණ කර  ඇති බවද බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post