ඇල්ල ත්‍රීවිල් චන්ඩින්ට වැඩ වරදී

ඇල්ල ත්‍රීවිල් චන්ඩින්ට වැඩ වරදී

Published on December 23, 2025, 07:01 AM

ඇල්ල පොලිස් වසමේදී කුලී රථ (Pick Me, Uber) රියදුරෙකුට පහරදීමට තැත්කර ඔහුගේ කාර් රථයට පහරදී අනර්ථය සිදු කිරීම සම්බන්ධයෙන් හා මෙම සේවය සපයන රියදුරු කාන්තාවකට පහරදී මුදල් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇල්ල පොලිස් ස්ථානයට පැමිණිලි දෙකක් ලැබී තිබුණි.

ඒ අනුව කාර් රථයේ රියදුරුට පහරදීමට තැත් කිරීම හා කාර් රථයට අනර්ථය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු හා අනෙක් කාර් රථයේ රියදුරුව සිටි කාන්තාවට පහරදී මුදල් කොල්ලකෑම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඇල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරුවන් තිදෙනා 2025.12.22 වන දින බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 2025.12.29 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර ඇල්ල පොලිසිය වැඩිදුර විමර්ශනය සිදුකරනු ලබයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post