
Published on December 16, 2025, 12:19 AM
දුම්රිය මාර්ග විවෘත වූ සැනින් දුම්රිය භාණ්ඩ ප්‍රවාහන කටයුතු යළි ආරම්භ කරන බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී මෙහෙයුම් පී.ඩී.එස් බණ්ඩාර චන්ද්‍රසේන මහතා පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙ බව පැවසීය. ඉන්ධන, තිරිඟු පිටි වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහන කටයුතු මේ වන විටත් ක්‍රමයෙන් ආරම්භ කර ඇති බවද ඒ මහතා පැවසිය.
"පසුගිය ආපදා තත්ත්වයෙන් පසු අපේ ප්‍රධානම ඉලක්කය වුණේ කාර්යාලවලට යන ජනතාවට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සලසා දීම. දුම්රිය මාර්ගවල පැවති ගැටලු නිසා භාණ්ඩ ප්‍රවාහන කටයුතු අත හරින්න සිදු වුණා. මේ වන විට එම කටයුතු සීමිත වශයෙන් ආරම්භ කර තිබෙනවා. ජාතික අවශ්‍යතාව වශයෙන් සලකා සිදු කරන භාණ්ඩ ප්‍රවාහන කටයුතු සඳහා මේ වන විට ප්‍රමුඛතාවය ලබා දී තිබෙනවා.ඉදිරියේදී එම භාණ්ඩ ප්‍රවාහන කටයුතු තිබුණු පරිදිම වැඩිදියුණු කරන්න බලාපොරොත්තු වෙනවා."