
Published on December 12, 2025, 07:43 PM
ඊසාන දිග මෝසම් තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි වර්ෂාව නිසා මෙරට වැව් හා ජලාශ පද්ධතියට පැමිණීමට නියමිත ජලයරදවා ගැනීම වෙනුවෙන් එම පද්ධතිය තුළ යම් ඉඩක් ඇති බව ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර (වාර් මාර්ග අධ්‍යක්ෂ ජල විද්‍යා හාආපදා කළමාකරණ) මහතා පැවැසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කීවේය.
"ප්‍රධාන ජලාශ එකක්වත් විශාල හානි හෝ කැඩි යාම් වාර්තා වෙන්නේ නෑ. මධ්‍යම පරිමාණයේ හා කුඩා ප්‍රමාණයේ 80කට හානිසිදුව තිබෙනවා. ඇලහැර අමුණ ඉදිරි සති දෙක තුළ තාවකාලිකව යථා තත්ත්වයට පත් කරන්න කටයුතු කරනවා. ඉක්මනින්ජලය ලබා දෙන්න කටයුතු කරනවා. පද්ධතියේ යම් ඉඩක් තියෙනවා ඉදිරියට එන ජලය රදවා ගන්න. මහා පරිමාණ ජලාශ 37ක්වාන් දමමින් තිබෙනවා. ගංගා පද්ධතියේ ජල ප්‍රමාණය ආරක්ෂිත මට්ටමක තිබෙන්නේ. මාවිල්ආරු ප්‍රතිසංස්කරණය සිදුවෙමින් පවතිනවා. ආහාර නිෂ්පාදනයට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සිදුවෙමින් පවතිනවා"