නැගෙනහිර තරංගාකාර සුළං නිසා වැස්ස තවදුරටත්

නැගෙනහිර තරංගාකාර සුළං නිසා වැස්ස තවදුරටත්

Published on December 18, 2025, 08:07 AM

නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහදේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍ර දේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු-මැද, නැගෙනහිර, ඌව හා  මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති වන බවත් නැගෙනහිර , ඌව හා  මධ්‍යම  පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත්  ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවත් ඒම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

උතුරු හා  වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් දිවයිනේ සෙසු  ප්‍ර දේශවල පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ  ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි  තරමක තද  වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post