කුලියාපිටිය ශික්ෂණ රෝහලේදී ලංකාවේ පළමුවරට කළ සැත්කම

කුලියාපිටිය ශික්ෂණ රෝහලේදී ලංකාවේ පළමුවරට කළ සැත්කම

Published on December 12, 2025, 09:05 PM

ලංකාවේ ප්‍රථමවරට සවිකළ උපාංගයක් ස්ථාපිත කරමින් ගෙලෙහි සුෂුම්නාවේ ශල්‍යකර්මයක්  සිදුකිරීමට විකලාංග ශල්‍ය වෛද්‍ය විශේෂඥ චානක සෝලංගආරච්චි මහතාට හැකිවිය.

කුලියාපිටිය  ශික්ෂණ රෝහලේදී ගෙල ප්‍රදේශයේ එවන් බරපතළ සැත්කමක්  කළ ප්‍රථම අවස්ථාව මෙන්ම ආහාර ගිලීමේ සංකූලතා නොවන ස්ටෑන්ඩලෝන් කේජ් නම් උප්ස්කරණය සවිකළ මෙරට   ප්‍රථම අවස්ථාව මෙය  බවත් වෛද්‍ය  චානක මහතා එහිදී පැවසීය.

මීට පෙර අවස්ථාවේදීද වෛද්‍ය චානක මහතා මෙවන් ලංකාවේ ප්‍රථම වරට සිදුකළ සැත්කම් කීපයක් රටේ ආන්දෝලනාත්මක මාතෘකාවක් බවට පත්විය.

මැලේසියාව ආදී රටවල් කීපයකම  වෛද්‍ය ව්ශ්ව විද්‍යාල කිහ්හිපයකම පුහුණු කරුවෙකු උපදේශකයෙකු වූ චානක මහතා රටවල් කිහිපයකම ඉතා අවදානම් සැත්කම් සඳහා නිතර කැඳවීම් ලද වෛද්‍යවරයෙකි.

කෙසේවෙතත් සැත්කමට භාජනය වූ රෝගියාද ඇවිදගත නොහැකිව දෑත් හරිහැටි ක්‍රියාකළ නොහැකිව තිබූ හදවත සියයට 20ක් පමණ ක්‍රියාත්මක වූ අයෙකු වුවත් මේ වනවිට ඉතාම නිරෝගීව පසුවන බවද පැවසූ වෛද්‍ය චානක මහතා මෙවන් ශල්‍යකර්ම සඳහා නොබියව පැමිණෙනලෙස එතුමා ආරාධනා කළේය.

කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post