ලංකාවේ සමුද්‍රීය පරිසර පද්ධතිවල ප්‍රාග්ධන වටිනාකම ගිණුම්ගත කරයි

ලංකාවේ සමුද්‍රීය පරිසර පද්ධතිවල ප්‍රාග්ධන වටිනාකම ගිණුම්ගත කරයි

Published on December 12, 2025, 07:26 AM

ශ්‍රී ලංකාවේ වෙරළබඩ හා සමුද්‍රීය පරිසර පද්ධතිවල  ස්වාභිවික ප්‍රාග්ධන වටිනාකම්, සංවර්ධන සැලසුම් හා ඒකාබද්ධ කිරීමට නියමිතය. බොහෝ රටවල් තම ස්වාභාවික සම්පත්වල වටිනාකම් තක්සේරු කර ගිණුම්ගත කර ඇතත් ලංකාව තුළ මෙතෙක් එම කටයුතු නිසිපරිදි හා ප්‍රමාණාත්මකව සිදුකර නොමැත.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ගෝලීය පරිසර පද්ධතියේ හත්වැනි වැඩසටහන යටතේ ස්වාභාර සංරක්ෂණය සඳහා ජාත්‍යන්තර පදනම හා පරිසර අමාත්‍යාංශය විසින් අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ සහාය ලබාගෙන ලංකාවේ වෙරළ බඩ හා සමුද්‍රීය පරිසර පද්ධතිවල  ස්වාභිවික ප්‍රාග්ධන වටිනාකම්, සංවර්ධන සැලසුම් හා ඒකාබද්ධ  කිරීම යනුවෙන් සකස්කර ඇති ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ගෝලීය පරිසර පහසුකම විසින් අනුමැතිය දී තිබේ.

ඒ අනුව ගාල්ල මන්නාරම පුත්තල ම ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල වසර 4ක කාලයක් ක්‍රියාත්මක කිරමට නියමිත අතර ඒ සඳහා ඩොලර් මිලියන 2.5ක ප්‍රදානයක් හිමිවෙයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post