නුවරඑලිය සිට එළවලු කිලෝ 88000ක් පිට පළාත්වලට

නුවරඑලිය සිට එළවලු කිලෝ 88000ක් පිට පළාත්වලට

Published on December 13, 2025, 04:42 PM

නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයෙන් දිවයිනේ පළාත් කිහිපයකට එළවලු කිලෝ 88000ක ඉල්ලුමක් ලැබී ඇති බවත්, එම ඉල්ලුම අනුව (13) දින එම එලවලු තොග දිවයිනේ පළා් කිහිපයකට ප්‍රවාහනය කළ බව නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ කලමණාකාරවරයා පැවසීය.

මේ අනුව ගෝවා කිලෝවක් -රු.210, කැරට් -රු.230, ලීක්ස් -රු.230, රාබු -රු.160, බීට්රුට් -රු.260, බීට්රූට්/කට් -රු.310, අර්තාපල් -රු.290, රතු අර්තාපල් -රු.260, නෝකොල් -රු.230, සලාද -රු.550 ඇතුලු චීන ආහර සදහා භාවිතා කරනු ලබන එලවලු වර්ග කිලෝ 88000ක් යොමු කල බව ඔහු කීවේය.

එම එලවලු තොග ගාල්ල, මාතර, පිටිගල, කලුතර, අම්පාර කාත්තන්කුඩි යන ප්‍රදේශවලට යොමු කල බවද නුවරඑලිය ආර්ථාක මධ්‍යස්ථානයේ කලමණාකාරවරයා පැවසීය.

නුවරඑලිය ආර්ථාක මධ්‍යස්ථානයෙන් එලවලු තොග වෙලෙන්දුන්ගෙන් ලැබෙන ඉල්ලුම අනුව ගොවීන්ගෙන් එලවලු මිලදී ගන්නා බවත්, මෙ දිනවල වෙළදපොලේ එලවලු සදහා පවතින ඉල්ලුම අඩු බවයි නුවරඑලිය ආර්ථාක මධ්‍යස්ථානයේ කලමණාකාරවරයා වැඩි දුරටත් කියා සිටියේ.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post