
Published on December 16, 2025, 10:26 AM
දිත්වා සුළි කුණාටුව හේතුවෙන් වසා තිබූ දිවයිනේ බොහෝ පාසැල් අද 16 වනදා විවෘත කළත් මහනුවර දිස්ත්‍රික්කයේ පාසැල් 63 ක් 16 වනදා එනම් අද දිනයේ විවෘත නොකරන බව මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව දන්වා ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.
මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි පාසැල් 638 න් පාසැල් 575 ක් අද එනම් 16 වනදා විවෘත කරන බවත් තවත් පාසැල් 63 ක් විවෘත නොකරන බවත් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තව දුරටත් සඳහන් කර තිබේ.
අද දිනයේ විවෘත නොකරන පාසැල්වලින් ඇතැම් පාසැල්වල සුරක්ෂිත මධ්‍යස්ථාන පවත්වාගෙන යන අතර තවත් ඇතැම් පාසැල් නායයෑමට ලක් වීම නිසාත් ඒවා වල තව දුරටත් පවතින අවදානම හේතුවෙනුත් මෙම පාසැල් විවෘත නොකරන බවත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තව දුරටත් කියයි.
නායයෑමට ලක්වූ පාසැල් රැසක් තවමත් අදාළ නිලධාරින් නිරීක්ෂණය කර නිර්දේශ ලබා නොදීමත් මෙම පාසැල් විවෘත නොකිරීමට හේතු වී ඇති බවත් පැවසේ.්
මොහොමඩ් ආශික්