
Published on December 26, 2025, 09:35 AM
වැලිපැන්න පොලිස් වසමේ අළුත්ගම මතුගම මාර්ගයේ 05 කණුව ප්‍රදේශයේදී මතුගම දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කැබ් රථයක ගැටී 2025.12.25 වන දින සවස් කාලයේ අනතුරක් සිදුව ඇත. අනතුරින් යතුරුපැදිකරු, පසු පැදිකාරිය ලෙස සිටි ඔහුගේ බිරිඳ සහ දැරිය තුවාල ලබා දර්ගා නගරයේ රජයේ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු දැරිය මියගොස් ඇත. මිය ගිය දැරිය වයස අවුරුදු 03 ක් වූ මතුගම ප්‍රදේශයේ පදිංචිකාරියකි.
යතුරුපැදිකරු හා පසු පැදිකාරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහල වෙත මාරු කර යවා ඇත. මෘත ශරීරය දර්ගා නගරයේ රජයේ රෝහලේ තැන්පත් කර ඇත. කැබ් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැලිපැන්න පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.