දිත්වා නිසා සේවකයන් 374000ක් පීඩාවට, රටට අහිමිවන මාසික ආදායම ඩො.මි. 48යි

දිත්වා නිසා සේවකයන් 374000ක් පීඩාවට, රටට අහිමිවන මාසික ආදායම ඩො.මි. 48යි

Published on December 24, 2025, 07:59 AM

දිත්වා සුළි කුණාටුව හේතුවෙන් මෙරට ශ්‍රම බලකායෙන් පුද්ගලයන් 374000ට පමණ බලපෑම් එල්ල වී ඇති බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය නිකුත් කළ නවතම සමීක්ෂණ වාර්තාවක දැක්වෙයි.

මෙම  ශ්‍රමිකයන්ට වෙනත් තැනක සේවය කිරීමට හෝ ගුණාත්මක රැකියාවක් සොයා ගැනීමට නොහැකි වුවහොත් මසකට අහිමි විය හැකි ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 48 ක් පමණ වන බවද එම සංවිධානය පවසයි.

දිත්ව හේතුවේ මෙරට කෘෂිකර්මාන්තය සහ ධීවර අංශය දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බව පෙන්වා දෙන ජාත්‍යන්තර කම්කරු සංවිධානය ගංවතුරෙන් වී වගා කරන ඉඩම්වලින් සියයට 23 ක් දක්වා බලපෑමට ලක්ව ඇති බවද පවසයි.

තේ කර්මාන්තයේ නිෂ්පාදන පාඩු පිළිබඳ මූලික ඇස්තමේන්තුට සියයට 35 ක් තරම් ඉහළ අගයක් ගන්නා බවත් තේ කර්මාන්තයේ ආංශික නිෂ්පාදනයෙන් සියයට 70 ක් පමණ වන කුඩා වතු හිමියන් අසමාන ලෙස බලපෑමට ලක්ව ඇති බවද එම සංවිධානය පවසයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post