ලංකාවෙන් සියයට 30ක් නාය යෑමෙ අවධානමක බව ’අද’ කිව්වේ මාස හතකට කලින්

ලංකාවෙන් සියයට 30ක් නාය යෑමෙ අවධානමක බව ’අද’ කිව්වේ මාස හතකට කලින්

Published on December 16, 2025, 09:30 AM

ලංකාවේ සමස්ත භූමි ප්‍රමාණයෙන් සියයට 30ක් පමණ නාය යෑමේ අවධානමට ලක්ව ඇති බවත් එම ප්‍ර දේශ තුළ මෙරට ජනගහණයෙන් සියයට 34 ක් පමණ එම ප්‍රදේශවල ජීවත් බවත් බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවැසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පසුගියදා (12) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවැසීය.

කෙසේ වෙතත් මේ පිළිබඳ අද පුවත්පත මීට මාස හතකට පමණ පෙර තොරතුරු දැන ගැනී මේ  පනත හරහා ලබා ගත් තොරතුරු අනුව ප්‍රා දේශීය මාධ්‍යවේදී මොහොමඩ් ආශික් මහතා මේ බව හෙළිකර තිබුණි. එසේම ඔහු සම්පාදනය කළ ලිපිය හරහා මෙම අවධානම දිස්ත්‍රික්ක 14ක ව්‍යාප්තව තිබෙන බවත් අණාවරණය කෙරිණි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා  පසුගියදා පැවැති පුවත්පත් සාකච්ඡාවේදීද ලංකාවේ නාය යෑමේ අවධානමට ලක්ව ඇති ප්‍රධාන දිස්ත්‍රික්ක 6ක් හා ඊට යාබද පිහිටි දිස්ත්‍රික්ක 8ක් පවතින බවව පැවැසීය.නාය යෑමේ අවධානමට ලක්ව ඇති භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 20,000ක් පමණ වන බව ද ඔහු පැවැසීය.

ලංකාවේ භූමියෙන්  සියයට 30 ක් නායයෑමේ අවදානමක පවතින බවත්  දිස්ත්‍රික්ක 14 ක මෙම භූමිය පැතිරී ඇති බවත් 2025.05.16  වන දින 'අද' පුවත්පත මගින්  හෙළි කළ අයුරු

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post