ලංකාවේ ණය කන්ද රු.බි. 29 660ක් දක්වා ඉහළට

ලංකාවේ ණය කන්ද රු.බි. 29 660ක් දක්වා ඉහළට

Published on December 26, 2025, 11:14 AM

රජය විසින් මෙම වර්ෂයේ (2025)  අගෝස්තු මාසය  අවසානයට   ගෙවිය යුතු  සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන  29,660.22ක් බැව් ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති  වාර්තාවක සදහන් වේ.

ජුලි මාසය අවසානය වනවිට  ගෙවිමට තිබු සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 29,862.51කි.. ඒ අනුව මෙම වර්ෂයේ ජුලි මාසයට සාපේක්ෂව  අගෝස්තු මාසයේ දි ගෙවිය යුතු සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 202.29කින් අඩුවි ඇත

එමෙන්ම මෙම වර්ෂයේ අගෝස්තු මාසය වනවිට  ගෙවිය යුතු සමස්ත   දේශිය ණය ප්‍රමාණය රුපියල් බිලියන 18,679.49ක්වු අතර . ජුලි මාසය අවසානයට ගෙවිය යුතු  දේශිය ණය ප්‍රමාණය රුපියල් බිලියන 18,944.36කි.ඒ අනුව ජුලි මාසයට සාපේක්ෂව  අගෝස්තු මාසයේ දි ගෙවිය යුතු දේශිය ණය ප්‍රමාණය ද රුපියල් බිලියන 264.87කින් අඩුවි  ඇත.

2024 වර්ෂය අවසානය වනවිට ගෙවිය යුතු සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය  රුපියල් බිලියන 28,738.70 ක් වු අතර මෙම වර්ෂයේ මුල්මාස අටට ගෙවිය යුතු සමස්ත ණය ප්‍රමාණය වැඩි වි ඇත්තේ  රුපියල් බිලියන 921.52කින්  බවද මහබැංකු වාර්තාවේ සදහන් වේ.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post