රට ගොඩනගන අරමුදලට ප්‍රයිම් ලෑන්ඩ්ස් ලක්ෂ 2000ක් දෙයි

රට ගොඩනගන අරමුදලට ප්‍රයිම් ලෑන්ඩ්ස් ලක්ෂ 2000ක් දෙයි

Published on December 24, 2025, 07:24 PM

දිත්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා අරඹන ලද ‘Rebuilding Sri Lanka’ අරමුදලට Prime Lands වෙතින් රුපියල් මිලියන 200ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරන ලදී.

ඊට අදාළ චෙක්පත Prime Lands Group හි සභාපති ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ මහතා සහ සම සභාපති සඳමිණි පෙරේරා මහත්මිය විසින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිළිගැන්වීය.

Prime Lands Group හි ප්‍රධාන විධායක නිලධාරී රුමින්ද රන්දෙණිය සහ අධ්‍යක්ෂක අනුර පතිරගේ යන මහත්වරුද මෙම අවස්ථාවට එක්වූහ.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post