නුවරඑළියෙන් පළාත් කිහිපයකට එළවලු කිලෝ 182600ක්

නුවරඑළියෙන් පළාත් කිහිපයකට එළවලු කිලෝ 182600ක්

Published on December 24, 2025, 05:32 PM

නත්තල් සමය නිමිත්තෙන් නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයෙන් දිවයිනේ පළාත් කිහිපයකට (23-24) දින එළවලු කිලෝ 182600ක ඉල්ලුමක් ලැබී තිබූ බවත්, එම ඉල්ලුම අනුව (23-24) දින එම එලවලු තොග දිවයිනේ පළාත් කිහිපයකට ප්‍රවාහනය කල බව නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ කලමණාකාරවරයා පැවසීය.

ඉන් වැඩි ඉල්ලුමක් කැරට් සහ ලීක්ස් වලට තිබූ බවත්, දින දෙක තුල කැරට් කිලෝ 55000ක් සහ ලීක්ස් කිලෝ 55000ක් තිබුණු බවද කළමණාකාරවරයා පැවසීය.

මේ අනුව ගෝවා කිලෝවක් -රු.220, කැරට් -රු.200, ලීක්ස් -රු.200, රාබු -රු.150, බීට්රුට් -රු.350, බීට්රූට්/කට් -රු.470, අර්තාපල් -රු.270, රතු අර්තාපල් -රු.280, නෝකොල් -රු.250, සලාද -රු.600 යන මිලකට ගොවීන්ගෙන් මිලදී ගත් බවයි කලමණාකාරවරයා කියා සිටියේ.

මේ අතර වෙළද පොළේ බෝංචි කිලෝවක් රු.800, මාලු මිරිස් කිලෝවක් රු 1200, අමු මිරිස් කිලෝවක් රු.1000 සහ පහත රට සෑම එළවලු කිලෝවක් රු.600-800ත් අතර සිල්ලර මිලකට වෙලෙදුන් (24) දින අලෙවි කරනු ලැබූහ.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post