සීමාව ඉක්මවා මව් සතුන් ආනයනයෙන් බිත්තර අතිරික්තයක් ඇතිවුණා

සීමාව ඉක්මවා මව් සතුන් ආනයනයෙන් බිත්තර අතිරික්තයක් ඇතිවුණා

Published on October 30, 2025, 12:21 PM

දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා දත්ත අනුව බිත්තර නිෂ්පාදනයට රුපියල් 31ක් පමණ වැයවන තත්වයකදීත් ගොවියාට බිත්තරයක් රුපියල් 22, 23 සීමාවෙන් පාඩුපිට අළෙවි කිරීමට සිදුව ඇත්තේ පමණ ඉක්මවා මවුසතුන් ආනයනය කිරීමෙන් ඇතිව තිබෙන බිත්තර අතිරික්තය නිසා බැව් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත්නායක් මහතා පවසයි.

ඊයේ (29) සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඉදිරිපිට  පැවති නිහඬ විරෝධයක් අතරතුර සභාපතිවරයා ඒ බැව් පැවසීය

වයඹ බිත්තර නිෂ්පාදකයින් දෙසීයක පමණ සහභාගීත්වයෙන් මහනුවර පිහිටි සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුව ඉදිරිපිට පැවති එම උද්ඝෝෂණය අතරතුර අධ්‍යක්ෂ ජෙනරාල් වරිය මුණගැසී සාකච්ඡාවකට අවසර ලබාදී තිබිණ.

එහිදී අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය එච් ඒ කොතලාවල මහත්මිය පවසාතිබුණේ කඩිනමින් ඒ පිළිබඳ සංගණනයක් කරන බවයි. එමෙන්ම බැට්‍රිගේජ් මහාපරිමාන කුකුලු ගොවිපලවල් නියාමනය කරන බවත් මවුසතුන් ගෙන්වීම හා පවතින අතිරික්තය පිළිබඳ යළිත් නොවැම්බර් මස 15 ට පෙරාතුව නිෂ්පාදකයින් කැඳවා සාකච්ඡාවක් සිදුකර ආනයනික ඉරිඟු ඇතුළු ඖෂධ පිළිබඳ සාධනීය පිළිතුරක් ලබාදෙන බවයි.

ඊට සහභාහීවූ කුඩා ගොවීන්ද තමන්ගේ දේපළ පවා බැංකුවලට සින්නවෙමින් පවතින අතර දෙපාර්තමේන්තුව කඩිනමින් මේ ගැටලුවට මැදිහත් වන්නැයි ඉල්ලා සිටියහ.

කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post