යුධ සමයේදී ත්‍රිවිධ හමුදාව භාවිත කරන ඉඩම් නිදහස් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

යුධ සමයේදී ත්‍රිවිධ හමුදාව භාවිත කරන ඉඩම් නිදහස් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

Published on October 29, 2025, 08:39 PM

යාපනය-පලාලි අධි ආරක්‍ෂිත කලාපය තුළ පිහිටි පෞද්ගලික ඉඩම් ඒවායේ මුල් හිමිකරුවන් වෙත නැවත ලබාදීම සම්බන්ධ ක්‍රියාවලියේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ ඊට අදාලව පවතින අභියෝගයන්ට විසඳුම් සෙවීම අරමුණු කරගනිමින් ඊයේ (ඔක්තෝබර් 28) දින කොළඹ පිහිටි ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදි.

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවට ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියාකොන්තා (විශ්‍රාමික) ඇතුළු ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක සහ පරිපාලන නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

එහිදී ඉඩම් නැවත භාරදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ඇතිවී තිබෙන මෙහෙයුම් සහ පරිපාලන බාධක විසඳීම කෙරෙහි මුලික අවධානය යොමු කරන ලද අතර, විශේෂයෙන්ම තවමත් හමුදා භාරයේ පවතින පෞද්ගලික ඉඩම් අදාළ හිමිකරුවන් වෙත භාරදීම කඩිනම් කිරීම සඳහා එම හමුදා ඒකක අදියර වශයෙන් ඉවත් කර ගැනීම පිළිබඳ කරුණු සමාලෝචනය කරන ලදි. ඒ අනුව සිවිල් දේපළවලට වන බලපෑම අවම වන අයුරින් හා අත්‍යවශ්‍ය ආරක්‍ෂක ඒකක තවදුරටත් පවත්වා ගනිමින් ප්‍රදේශයේ අඛණ්ඩ ආරක්‍ෂාව සහතික කිරීම අරමුණු කරගත් නව සීමා මායිම් ස්ථාපනය කිරීම අවසන් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

ජාතික ප්‍රතිසන්ධානය සඳහා අත්‍යවශ්‍ය අංගයක් ලෙස ඉඩම් සම්බන්ධ ගැටළු විසඳීමට රජය දක්වන ස්ථීර කැපවීම, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ආරක්‍ෂක ලේකම්වරයා යන දෙදෙනාම එහිදී යළි තහවුරු කළහ. මෙම ක්‍රියාවලිය විනිවිදභාවයෙන්, සාධාරණත්වයෙන් යුක්ත විය යුතු බවත්, එම ක්‍රියාවලිය ජාතික ආරක්‍ෂාව සම්බන්ධව සම්පූර්ණයෙන්ම සමපාත විය යුතු බවත් ඔවුහු අවධාරණය කළහ.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post