මුල් මාස අටට ලොකු ඵණු ටොන් 217883ක් ගෙන්වලා

මුල් මාස අටට ලොකු ඵණු ටොන් 217883ක් ගෙන්වලා

Published on October 31, 2025, 01:42 PM

මෙම වර්ෂයේ (2025) මුල්මාස අට තු ලොකු ළුණු  මෙට්‍රික්ටොන් දෙලක්ෂ දාහත්දහස්,අටසියඅසුතුනක් (217,883) ආනයනය කොට ඇති බැව්  ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.

ඒ අනුව  ඉකුත් වර්ෂයේ (2024) මුල්මාස අටට සාපේක්ෂව  මෙම වර්ෂයේ මුල්මාස අට  තුලදි  ලොකු ළුණු මෙට්‍රික්ටොන් හැත්තැ තුන්දහස්, තුන්සිය තිස්දෙකක (73,332) ආනයනය කොට තිබුණි. ඉකුත් වර්ෂයේ මුල්මාස අට තුල ආනයනය කොට ඇත්තේ ලොකු ළුණු මෙට්‍රික්ටොන්  එක්ලක්ෂ හතලිස්හතරදහස් පන්සිය පනස් එකකි. (144,551)  මේ වනවිට දේශිය  ලොකු ළුණු අලෙවිකරගැනිමට නොහැකිව දේශිය  ලොකු ළුණු ගොවින්  දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටිති.

ස.තො.ස මගින් ලොකු ළුණු මිලදි ගැනිම සදහා වැඩපිළිවෙලක් යොදා තිබුනද  ලොකු ළුණු මිලදි ගැනිම සදහා පනවා ඇති නිර්නායක පිළිබද දේශිය ලොකු ළුණු ගොවින්ගේ දැඩි විරෝධය පලවි ඇත. ඇතැම් නිලධාරින් විසින් රජය අපහසුතාවයට පත්කිරිම සදහා මෙවැනි නිර්නායක පනවා ඇති බවද  ගොවින් පෙන්වා දෙති.ලලිත් චාමින්ද

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post