ලෝක විවාහක රූ රැජින කටුනායකට

ලෝක විවාහක රූ රැජින කටුනායකට

Published on September 30, 2025, 12:25 PM

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 2025 ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගාවලියේ (Mrs Sri Lanka World - 2025 ) ප්‍රධන විනිසුරුවරිය ලෙස කටයුතු කිරීම සදහා 2024 වසරේ ලෝක විවාහක රූ රැජින තරගාවලියේ දී ප්‍රථම ස්ථානය දිනා ගත් , දකුණු අප්‍රිකානු ජාතික ෂෙගෝ ගලේ ( Tshego Gaelae ) මහත්මිය 09/29 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .

මෙම තරගාවලිය 09/30 දින සිට 10/02 දින දක්වා කොළඹ දී පැවැත්වීමට නියමිතය . ෂෙගෝ ගලේ මහත්මිය 09/29 දින පස්වරු 05.05 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 654 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඇය පිළිගැනීම සදහා 2024 වසරේ ලෝක විවාහක රූ රැජින තරගාවලියේ දෙවන ස්ථානය දිනා ගත් ශ්‍රී ලංකා විවාහක රූ රැජින ඉෂාදි අමන්දා මහත්මිය , මෙම ශ්‍රී ලංකා තරගාවලියේ ජාතික සංවිධායක චන්දිමාල් ජයසිංහ  සහ මෙම තරගාවලියේ පුහුණුකරු රුක්මාල් සේනානායක මහතා ඇතුළු පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ " ගෝල්ඩ් රූට් " විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post