ස්ටාර් ලින්ක් පහසුකම තවත් මාස දෙකකින්

ස්ටාර් ලින්ක් පහසුකම තවත් මාස දෙකකින්

Published on July 02, 2025, 01:21 PM

ඉදිරි මාස පහ තුලදී 5G පහසුකම රටපුරාම ව්‍යාප්ත කිරිමට සැලසුම්කර ඇති බවත්, රට ඩිජිටල්කරනයෙන් පසු වැඩියෙන් වැරදි කළොත් රියදුරු බලපත්‍්‍්‍රය ඉබේ අහෝසිවනු ඇතැයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක මහතා පැවසුවේය.

රත්නපුරේ වෘත්තියවේදින් සමග පැවති සාකච්ඡාවකවදී ඔහු මේ බව කීවේය.

වරතමානයේ පවතින ඩිජිටල් පද්ධති ආරක්ෂිත නැතැයි ද ඔහු කීවේය. ඩිජිටල් ආර්ථිකය ගොඩදැමීමට සැප්තැම්බර් මාසය ඩිජිටල් මාසය ලෙස නම්කරන බවද කීවේය. ඉදිරි මාස දෙකතුල ස්ටාර්ලින්ක් පහසුකම් ලංකාවට ලැබේවි යැයිද සඳහන් කළේය. අඩුමිලට ග්‍රාමීය ප්‍රදේශවලට එම පහසුකම් ලබාදීමේ හැකියාව අධ්‍යයන කරමින් සිටින බවද සුමුදු රත්නායක මහතා කීවේය.

ඩිජිටල් ආර්ථියක ක්‍රියාත්මක කිරීමෙන් රටටත් ජනතාවටත් වාසි රැසක් අත්වෙන බෙවද සුමුදු රත්නායක මහතා කීවේය. කාලයමෙන්ම මුදල්ද එමගින් ඉතිරිකරගත හැකිය. වංචා, දූෂණ වැනි දේවල් කිරිමට නොහැකිය. ඩිජිටල් හැදුනුම්පත තුලින් පුද්ගලයෙකුගේ සියලු දත්ත ඒතුලට ඇතුළත් කරන නිසා පුරවැසියෙකු පහසුවෙන් හදුනාගත හැකි බවද කීවේය. රියදුරැ බලපත්‍රය ලබාගැනීමට යායුත්තේ විභාගයට පෙනී සිටිමට පමණක්යැයිද උපදේශකවරයා කීවේය. පළාත් පාලන ආයතනත් ඩිජිටල්කරණයට එකතුකරන බව ද කීවේය. එවිට එම ආයතන වලට ගෙවියුතු වරිපනම් ඇතුලු ගෙවිම් කිරිමට රස්තියාදු වියයුතු නැතැයිද පෙන්වා දුන්නේය.

ප්ලාස්ටික් රියදුරු බලපත්‍ර ඉදිරියේදී අහෝසිවනු ඇතැයිද කීවේය. ඩිජිටල්කරණය වු පසු රථවාහන වැරදි වෙනුවෙන් දඩමුදල් එවේලේම ගෙවීමේ පහසුකම් සලසන බව ද කීවේය. ඒ වගේම වැඩිය දඩ ගෙව්වොත් රියදුරු බලපත්‍රය අවලංගුවීමේ අවදානමක් ඇති බවද පෙන්වා දුන්නේය. ඒනිසා පරිස්සමෙන් රියපැදවීමට රියදුරන්ට සිදුවනු ඇති බවද සදහන් කළේය.

ඉන්දියාවේ මුදල් නොට්ටු භාවිතය මේ වනවිට 25%කින් අඩුවී ඇත්තේ ඩිජිටල්කරණය නිසා බවද සුමුදු රත්නායක මහතා කීවේය.

සෞඛ්‍ය ක්ෂේත්‍රය ඇතුලු රටේ තොරතුරු අත්‍යවශ්‍ය ක්ෂේත්‍රවල, තොරතුරු ක්ෂණිකව දැනගැනිමට රට ඩිජිටල්කරණයවීම අත්‍යවශ්‍යයැයි රජය කල්පනාකර ඇතැයි ද පැවසුවේය.

මෙම අවස්ථාවට රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර, පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක සේනාරත්න යන මහතාවරු ඇතුලු වෘතතිකයන් පිරිසක් එක්ව සිටියහ.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post