
Published on July 04, 2025, 07:51 PM
හුන්නස්ගිරිය මීමුරේ මාර්ගයේ 28 වන කිලෝ මීටරයේ ඇති කයිකාවල පාලමේ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් සිදුකරනු ලබන ප්‍රතිසංස්කරණ කටයුත්තක් අතර තුර ඇති වී ඇති හදිසි ආපදා තත්වයක් හේතුවෙන් එම පාලම හරහා වාහන ධාවනය කිරීම තාවකාලිකව අත්හිටුවා ඇත. ඒ අනුව මීමුරේ වෙත විනෝද සංචාර හා අනිකුත් අවශ්‍යතා සදහා නැවත දන්වන තුරු පැමිනීමෙන් වලකින ලෙස මහනුවර් දිසාපති ඉන්දික උඩවත්ත මහතා දන්වා සිටියි.
මොහොමඩ් ආශික්/චමිල් රූපසිංහ