ලබන 7දා ප්‍ර දේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

ලබන 7දා ප්‍ර දේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

Published on July 04, 2025, 06:59 PM

ලංකා විදුලිබල මණ්ඩලයේ සපුගස්කන්ද උප පොළ මගින් බෙදාහරිනු ලබන මාර්ගයන්හි අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජූලි 7වැනි දින පෙරවරු 8.30 සිට පස්වරු 8.30 දක්වා පැය 12ක කාලයක් විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් බියගම ජල පවිත්‍රාගාරයට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව නිවේදනයක් නිකුත් කරමින් ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙයි.

ඒ අනුව පෑලියගොඩ, වත්තල , ජා-ඇල, කටුනායක , සීදුව නගර සබා බල ප්‍රෙද්ශවලට මෙන්ම කැලණිය , වත්තල, බියගම,මහර,දොම්පේ, ජා-ඇල,කටාන,මිනුවන්ගොඩ, ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසක් සඳහා මෙලෙස ජල සැපයුම විසන්ධි කෙරේ.ජල සැපයුම අත්හිටුවීමෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳ මණ්ඩලය කණගාටුව පළකර සිටින අතර ජලය අරපරිස්සමින් පරිභෝජනය කරන ලෙස ද එම මණ්ඩලය ජනතාවට දැනුම් දෙයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post