ගෙවූ වැට් බදු ආපසු කටුනායකින් ගන්න අවස්ථාව

Published on July 05, 2025, 09:10 PM

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල පරිශ්‍රයේ ස්ථාපනය කරන ලද සංචාරකයන් ශ්‍රී ලංකාව තුළදී භාණ්ඩ මිලදී ගැනීමේදී ගෙවන ලද එකතු කල අගය මත බදු නැවත ලබාදීමේ කවුළුවක් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා සහ කම්කරු අමාත්‍ය සහ මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(04)  විවෘත කරන ලදී.

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය හා කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන් ජනාධිපති තුමා වෙත 2025 මාර්තු 14 වන දින ඉදිරිපත් කරන ලද යෝජනාවකින් ලැබුණු ප්‍රතිපත්තිමය අනුමැතියට යටත්ව මෙය ඉදිරියට ගෙනයාමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලදී.

ශ්‍රී ලංකාව තුළ දින 90කට අඩුවෙන් රැඳී සිටින රුපියල් 50000කට වඩා VAT බදු ගෙවූ සංචාරකයන්ට තමන් ගෙවූ VAT බදු මෙහිදී නැවත ලබා ගත හැක.

සංචාරකයන් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන මිලදී ගැනීමට උනන්දු කිරීමත්, ලංකාවේ බදු එකතු කිරීම ක්‍රමවත් කිරීමත් වෙනුවෙන් මෙම සේවාව ආරම්භ කර ඇත.මෙම අවස්‍ථාවට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙ සභාපති නවීන් සූරියආරච්චි මහතා, අදායම් බදු දෙපාර්තුමේන්තුවේ නිළධාරීන් ඇතුළු නිළධාරීන් සහභාගී වී සිටි අතර මෙම ක්‍රියාවලිය පිළිබඳ ව්‍යාපාරිකයන් හා සංචාරක ක්ෂේත්‍රය දැනුවත් කිරීමේ මාධ්‍ය සමුළුවක් ඉදිරියේදී පැවැත්වෙනු ඇත.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post