සුමේධ ඇතා වන අලියෙකු සමග ගැටේ

සුමේධ ඇතා වන අලියෙකු සමග ගැටේ

Published on July 29, 2025, 03:10 PM

පොළොන්නරුව මින්නේරිය ජාතික වන උද්‍යානය නිජබිම කරගත් සුමේධ ඇතා මින්නේරිය ජාතික වන උද්‍යානයේ මින්නේරිය වැව් රක්ෂිතයේ සැරිසරමින් සිටි සද්ධන්ත තවත් වන අලියෙකු සමග 28 වෙනිදා ගැටෙන අයුරු එම වන උද්‍යානයේ සංචාරයක නිරතව සිටි පුද්ගලයෙකුගේ කැමරා කාචයෙහි සටහන්ව තිබුණි.

මීට මාස කිහිපයකට ඉහතදී ලොරි රථයක ගැටී දකුණු දළය අහිමිව අතුරු දහන්ව සිටි සුමේධ ඇතා පසුගිය දිනවල නැවත වරක් මින්නේරිය ජාතික වන උද්‍යානයෙන් හමු වූ අතර එම සුමේධ ඇතා තම නිජබිම වන මින්නේරිය ජාතික වන උද්‍යානයේ සැරිසරමින් සිටිති.

ඇතුන් හා අලින් අතර තම ආධිපත්‍ය තහවුරු කර ගැනීම උදෙසා මේ දිනවල නිරතුරුව ගැටුම් සිදුවෙන අතර එලෙස තම මින්නේරිය ජාතික වන උද්‍යානය තුල තම ආධිපත්‍ය තහවුරු කිරීම වෙනුවෙන් මෙලෙස සුමේධ ඇතා ගැටෙන අයුරු මෙහිදී දැකගත හැකිවෙයි.

මනම්පිටිය නිමල් ජයරත්න

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post