වැඩ නිමවී ගෙදර යමින් සිටි තරුණිය නොඑන ගමන් ගිහින්

වැඩ නිමවී ගෙදර යමින් සිටි තරුණිය නොඑන ගමන් ගිහින්

Published on July 03, 2025, 10:41 AM

කුරුවිට පොලිස් වසමට අයත් දෙවිපහළ, දොඩම්ඇල්ල ඇල හරහා හේන්යාය ගමට යන පාරේ පාලු ප්‍ර දේශයකදී විසිහය හැවිරිදි අවිවාහක තරුණියක 02දා පස්වරුවේ ඝාතනය කර ඇතැයි කුරුවිට පොලිසිය කියයි.

දෙවිපහල, හේන්යායේ පදිංචි ලියනආරච්චිලාගේ ගෙදර ශාලිකා මදුශානි (26) තරුණිය මෙලෙස ඝාතනය කර ඇත. ඇය කුරුවිට පැරඩයිස් ප්‍ර දේශයේ පුද්ගලික මැණික් කැපීමේ ආයතනයක සේවය කළ තැනැත්තියකි. සේවය අවසන්ව නිවසට යද්දී සවස 06.00ට පමණ ඝාතනය සිදුකරන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

ගෙලෙහි කැපුම් තුවාල දිස්වු බවද පොලිසිය කීවේය. 02දා රාත්රීයේම  සිරුර රත්නපුර ශීක්ෂණ මහරෝහල වෙත යවා ඇත. ගෙලබැදි රන්මාලය සහ මරණකාරිය සතු ජංගම දුරකතනය අස්ථානගතවී ඇති බවට තොරතුරක් ලැබි ඇති බව ද පොලීසිය පැවසුවේය. ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post