රඹුටන් ඇටයෙන් ආ මරුවා

රඹුටන් ඇටයෙන් ආ මරුවා

Published on July 08, 2025, 09:19 AM

නිවසේ තිබූ රඹුටන් ගෙඩියක රස බලමින් සිටි පස් හැවිරිදි දරුවෙකුට රඹුටන් ඇටය සිරවීමෙන් ඊයේ (07) දහවල් එම දරුවා මියගොස් ඇති බව මිද්දෙණිය පොලිසිය පවසයි.

මිද්දෙනිය පල්ලේ ජූලම්පිටිය ප්‍රදේශයෙන් මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වේ.

නිවසට ගෙන එන ලද රඹුටන් ගෙඩි කිහිපයක් රස බලමින් සිටි මෙම දරුවාට රඹුටන් ඇටයක් සිරවී ඇති බව දැනගත් නිවැසියන් දරුවා වහාම වලස්මුල්ල මූලික රෝහල වෙත රැගෙන ගොස් තිබුණද ඒ වනවිටත් දරුවා මියගොස් ඇත.

මියගොස් තිබුණේ දරුවන් තිදෙනෙකුගෙන් යුක්ත පවුලේ බාල පිරිමි දරුවාය.

මියගිය දරුවාගේ පශ්චාත් වෛද්‍ය පරීක්ෂණය සඳහා සිරුර තංගල්ල මූලික රෝහල වෙත යවා ඇති බවයි.

බෙලිඅත්ත කවීෂා ගුරුසිංහ

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post