ජපානයට හා දකුණු කොරියාවට පනවන නව බදු අනුපාත ට්‍රම්ප් ප්‍රසිද්ධ කරයි

ජපානයට හා දකුණු කොරියාවට පනවන නව බදු අනුපාත ට්‍රම්ප් ප්‍රසිද්ධ කරයි

Published on July 08, 2025, 08:33 AM

අන්‍යෝන්‍ය තීරුබදු යටතේ රටවල් 14ක් වෙනුවෙන් පනවනු ලබන නව තීරු බදු ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත් කර තිබේ. මේ අනුව අගෝස්තු පළමුවැනිදා සිට ජපානය හා දකුණු කොරියාවට සියයට 25ක බදු අනුපාතයක් පනවන බව ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

මීට පෙර ඇමෙරිකාව විසින් දකුණු කොරියාවට සියයට 25ක බද්දක් පැනවූ අතර නව බදු පැනවීම යටතේද එම අගය එසේම පවතිනු ඇත. ජපානයට මීට පෙර සියයට 24ක බද්දක් පනවා තිබුණ අතර එය සියයට 25ක් දක්වා වැඩි කර තිබේ.

ඇමෙරිකාව වැඩිම ආනයන ප්‍රමාණයක් කරනු ලබන රටවල් අතර ජපානය පස්වැනි ස්ථානයේත් දකුණු කොරියාව 10 වැනි ස්ථානයේත් පසුවෙයි.

රටවල් 14ක් වෙත අලුතින් නිවේදනය කර ඇති බදු අනුපාත අනුව ඇතැම් රටවල්වලට බදු අනුපාතයේ වෙනසක් නොමැති අතර ඇතැම් රටවලට  බදු අනුපාතය ඉහළ දමා ඇති අතර තවත් රටවල් වෙත බදු අනුපාත පහළ දමා තිබේ.

ට්‍රම්ප් විසින් රටවල් 14ක් වෙත අප්‍රේල් මාසයේදී ප්‍රකාශයට පත්කළ බදු ප්‍රතිශතයන් හා ජුලි 07 දා ප්‍රකාශයට පත්කළ බදු අනුපාතයන් පහත පරිදි වෙයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post