ඉන්දීය - එංගලන්ත දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය සඳහා තරගය ආරම්භ වෙයි

ඉන්දීය - එංගලන්ත දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය සඳහා තරගය ආරම්භ වෙයි

Published on July 03, 2025, 03:30 PM

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය සඳහා වන තරගය ආරම්භ වී තිබේ.

පළමු දිනය සඳහා තරගය නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 85ක් අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 310ක් රැස් කරගෙන සිටියේය.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ නායක ශුබ්මන් ගිල් ලකුණු 114ක් ලබා කඩුල්ලේ රැඳී සිටින අතර, රවින්ද්‍ර ජඩේජාද ලකුණු 41ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටී.

පන්දු යැවීමේදී ක්‍රිස් වෝකර්ස් ලකුණු 59ට කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් විය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post