ලංගම බස් රථයක් පෙරළී 15කට තුවාල

ලංගම බස් රථයක් පෙරළී 15කට තුවාල

Published on July 03, 2025, 04:05 PM

වත්තේගම කුඩුගල හරහා මහනුවරට ධාවනය වෙමින් තිබූ ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථයක් අරලිය උයන ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාම හේතුවෙන් එහි ගමන් ගත් මගීන් 15  දෙනෙකු තුවාල ලබා වත්තේගම රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.

අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථය තුළ මගීන් 25 දෙනෙකු පමණ සිට ඇති අතර බස් රථය ධාවනය වෙමින් තිබියදී රියදුරු අසුන ආසන්නයේ ඇති දොර විවෘත වීම හේතුවෙන් රියැදුරු එය අල්ලා ගැනීමට යාමේදී බස් රථය රියදුරුගේ පාලනයෙන් මිදී පෙරළී ගොස් ඇති බවශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මහනුවර දිස්ත්‍රික් කළමනාකාර සනත් ප්‍රසන්න මහතා කීය.

තුවාල ලැබූවන් බරපතල තත්ත්වයේ නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වත්තේගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post