පුද්ගලයන් කෝටියක් ටින් අංකය ලබාගෙන

පුද්ගලයන් කෝටියක් ටින් අංකය ලබාගෙන

Published on July 06, 2025, 10:17 PM

මෙරට වයස අවුරුදු 18ට වැඩි තනි පුද්ගලයින්  එක්කෝටි,හැටපන්දහස්,හයසිය අසුදෙනෙකු (10,065,680) මෙම වර්ෂයේ මැයි මස  09 වැනිදින වනවිට  TIN අංක ලබාගෙන දේශිය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ  ලියාපදිංචිවි ඇති බැව්  දේශිය  ආදායම් බදු දෙපාර්තමේන්තුව පවසයි.

මේවනවිට ශ්‍රිලංකාවේ  වයස අවුරුදු 18 වැඩි පුද්ගලයින් සංඛ්‍යාව  දල වශයෙන් මිලියන 17කි. 2024 වර්ෂයේ  දෙසැම්බර් මස 10 වැනිදින සිට 2025 වර්ෂයේ මැයි මස 09 වැනිදින දක්වා කාලය තුල  TIN අංක ලබාගෙන දේශිය ආදායම්බදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වි ඇති වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයින් සංඛ්‍යාව තිස්එක්ලක්ෂ,හැත්තැනමදහස්,තුන්සියහැත්තැදෙකකින් (3,179,372)  පමණ වර්ධනය වි ඇති බවද  දේශිය ආදායම්බදු දෙපාර්තමේන්තුවපෙන්වාදෙයි.

මෙම කාලසිමාව තුල ආදායම් බදු සදහා ලියාපදිංචි වි   ඇති  පුද්ගලයින්ගේ සංඛ්‍යාව වර්ධනය වි ඇත්තේ 93,338කින් පමණ වේ. ඒ අනුව වයස අවුරුදු 18 වැඩි පුද්ගලයින්  දේශිය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිකරගැනිමට මෙන්ම  ඔවුන් අතුරින් මිලියන 1.2කට වඩා වැඩි ආදායමක්  ලබන පුද්ගලයින්  ආදායම් බදු යටතේ ලියාපදිංචිකර ගැනිමට  ක්‍රියාමාර්ග  ගතයුතුව ඇති බවට විගණනය මගින් නිර්දේශකොට තිබුණි.

චන්දන සමරවික්‍රම

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post