ඉන්ධන මිල වැඩි කළත් පාසල් ළමයි ප්‍රවාහන ගාස්තු වැඩි නොවෙයි

ඉන්ධන මිල වැඩි කළත් පාසල් ළමයි ප්‍රවාහන ගාස්තු වැඩි නොවෙයි

Published on July 01, 2025, 11:29 AM

ඉන්ධන මිල වැඩිකළද පාසල් සිසු ප්‍රවාහන ගාස්තු කිසිදු ආකාරයකින් වැඩි නොකරන බව සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමයි ප්‍රවාහන සංගමය අද (1දා) උදේ අම්බලන්ගොඩදී කැදවා තිබූ මාධය හමුවකදී එම සංගමයේ සභාපති රුවන් පසාද් මහතා කීවේය.

පාසල් සිසුන් ප්‍රවාහනය කරනු ලබන සිය රථ වාහනවලට ඉන්ධනයක් ලෙස භාවිතා කරන ඩීසල් මිල රුපියල් 15කින් වැඩ්කර තිබූණු අවස්ථාවක මෙසේ සිසු ප්‍රවාහන ගාස්තු වැඩි නොකරන්නේ හේතු දෙකක් නිසා බවද මෙහිදී ප්‍රසාද් මහතා කීවේය.

නව රජය මෙතෙක් කිසිම රජයක් අවධානය යොමු නොකළ දෙයක්වූ සිය සේවාව නියමනය කිරීමට පියවර ගැනීම හා දෙමාපියන්ගේ ආර්ථික මට්ටම මේ අවස්ථාවේදී ඉතා පහත්මට්ටමක තිබෙන බවත් යන හේතු මේ සඳහා හේතු වන බවත් ඔහු පැවැසිය.‍

පාසල් සිසුන් ප්‍රවාහනය කරනු ලබන රථ වාහනවලට ඉන්ධනයක් ලෙස භාවිතා කරන ඩීසල් මිල අඩු කරන විට රුපියල් දෙකකින් හෝ පහකින් අඩු කොට රුපියල් පහලොවකින් පමණ වැඩි කිරීම දැඩි අසාධාරණයක් බවද පසාද් මහතා කීය.ඉදිරියේදී ඉන්ධන මිල වැඩිවුවහොත් පාසල් සිසු ප්‍රවාහන ගාස්තු වැඩි කිරීම පිළිබඳව ද සලකා බලන බව ප්‍රසාද් මහතා වැඩිදුරටත් කීය.

කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත සහ අම්බලන්ගොඩ එම්.හේමන්ත ද සිල්වා

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post