දකුණු කොරියාවේ ඊ 8 වීසා රැකියා යළි සක්‍රීය කිරිමට අවධානය

දකුණු කොරියාවේ ඊ 8 වීසා රැකියා යළි සක්‍රීය කිරිමට අවධානය

Published on July 01, 2025, 07:13 PM

දකුණු කොරියාවේ සෘතුමය රැකියා සඳහා යොමුකරන E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා යළි සක්‍රීය කිරීම සඳහා වූ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට යොමු කර තිබේ.

ඒ අනුව එම අනුමතිය ලැබීමෙන් අනතුරුව දකුණු කොරියාව සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කර, ශ්‍රමික පිරිස් රැකියා සඳහා යොමුකරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකාව මේ වනවිට දකුණු කොරියාවේ ප්‍රාන්ත 04ක් සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇති අතර, මේ මස 10 වැනි දින අවසන් වන විට ඊට අත්සන් කිරීමට හැකිවනු ඇති බවට සභාපතිවරයා විශ්වාසය පළ කරයි.

කෙසේ වුවද මෙම රැකියා සම්බන්ධයෙන් විවිධ සමාජමාධ්‍ය ජාලාවල සංසරණය වන අසත්‍ය තොරතුරු කෙරෙහි විශ්වාසය නොතබන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post