වියට්නාමය ඇමෙරිකාවේ බද්ද සියයට 26කින් අඩු කර ගනියි

වියට්නාමය ඇමෙරිකාවේ බද්ද සියයට 26කින් අඩු කර ගනියි

Published on July 03, 2025, 02:39 PM

සාර්ථක සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව වියට්නාමයෙන් ඇමෙරිකාවට ආනයනය කරන භාණ්ඩ සඳහා අය කරන බදු අනුපාතය මුලින් සඳහන් කළ සියයට 46ක අගයක සිට සියයට 20ක් දක්වා සියයට 26කින් පහළ දමා ගැනීමට වියට්නාමය සමත්ව තිබේ.

මේ පිළිබඳව අදහස් දැක්වූ ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් බදාදා ප්‍රකාශ කළේ අවසන් මොහොතේ සාකච්ඡා අතරතුර ඇති කරගත් නව වෙළඳ ගිවිසුමක් යටතේ වියට්නාමයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 20% ක තීරුබදු අය කරන බවයි.

යුරෝපීය සංගමය සහ ජපානය ඇතුළු තවත් ආර්ථිකයන් රාශියක් ගනනක් තවමත් සැලසුම් කළ වැඩිවීම් වලට පෙර එක්සත් ජනපදය සමඟ තමන්ගේම ගනුදෙනුවක් ඇති කර ගැනීම වෙනුවෙන් කටයුතු කරමින් සිටියි.

ගිවිසුම යටතේ වියට්නාමය එක්සත් ජනපදයෙන් ආනයනය කරන නිෂ්පාදන සඳහා කිසිදු තීරුබදු අය කිරීමක් නොකරන බව ට්‍රම්ප් සමාජ මාධ්‍ය සටහනක සඳහන් කළේය

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post