ත්‍රී පෝෂ සමාගම පැය 24ම වැඩ

ත්‍රී පෝෂ සමාගම පැය 24ම වැඩ

Published on July 01, 2025, 04:09 PM

ත්‍රිපෝෂ සමාගමෙහි යන්ත්‍රසුත්‍ර පුර්.ණ ධාරිතාවයෙන් පැය 24 පුරා ක්‍රියාත්මක වන අතර ත්‍රිපෝෂ නිෂ්පාදනය සෞඛ්‍ය අමාත්‍යංශයේ පිරිවිතරයන් අනුව අදාළ  ප්‍රතිලාභීන් වෙත දිවයිනපුරා බෙදාහැරීම සදහා සියළුම කටයුතු ද බාධාවකින් තොරව සිදුවෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

බඩ ඉරිඟු නොමැති වීමෙන් ත්‍රීපෝෂ සමාගම වැසී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ බව පවසයි.

තවද යන්ත්‍රසුත්‍ර උපරිමයෙන් ක්‍රියාත්මකවීම මත අතිරික්ත නිෂ්පාදනය වෙළදපොල උදෙසා සුපෝෂ නිෂ්පාදනය ලෙස දිවයිනම ආවරණය වන ලෙස බෙදාහැරීම සදහා ද කටයුතු කර ඇති බවත් එතැනින් නොනැවතී සුපෝෂ මුලික අමුද්‍රව්‍ය ලෙස  ලෙස භාවිතා කරමින් නිපදවන සුපෝෂ කැලරි බාර් නිෂ්පාදනය ද දීපව්‍යාප්තව බෙදාහැරීම සදහා අවශ්‍ය මුලික කටයුතු සිදුකිරීම මෙන්ම සුපෝෂ නිෂ්පාදනය අමුද්‍රව්‍යක් ලෙස යොදා විවිධ රසයන්ගෙන් යුත් කප් කේක් නිපදවීමටද ක්‍රියාකර ඇති බව ද දක්වා ඇතැයි එම නිවේදනයේ දැක්වෙයි.

එමෙන් ම එහි මුලික අදියර ලෙස ජා-ඇළ කපුවත්ත සුපෝෂ අලෙවිසැලෙහි එම නිෂ්පාදන අලෙවි කිරීමට දැනටමත් කටයුතු කර ඇති අතර ඉදිරියේදී රට පුරා සුපෝෂ අලෙවිසැල් 100 ආරම්භ කර එමගින් මෙම නිෂ්පාදන ඉතා පුළුල් ලෙස ජනගත කිරීමට ද මුලික කටයුතු ද සිදුවෙමින් පවතින බවද එම නිවේදනයේ දැක්වෙයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post